පැරා ඔලිම්පික් පළමු ශ්‍රී ලාංකික පදක්කම ප්‍රදීප් සංජයගෙන්

මෙවර පැරා ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා පළමු පදක්කම දිනා ගැනීමට ප්‍රදීප් සංජය සමත්වී තිබේ. එක් අතක් අහිමි (ටී – 46කාණ්ඩය යටතේ පිරිමි මීටර් 400)තරඟයෙන් ඔහු ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.

තත්පර 49.8කින් නිමා කරමින් ඔහු අවසන් වටයට සුදුසුකම් ලබා තිබුණු අතර දෙවැනි තෝරා ගැනීමේ තරගයේදී දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබිණි.

මීට පෙර 2010වසරේ ආසියානු පැරාලිම්පික් තරඟයේ දී රන් පදක්කමක් දිනා ගත් හෙතෙම 2012වසරේ මලයාසියානු පැරාලිම්පික් තරගයේ දී ද රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Posted in Blog | Leave a comment

ලංකාවේත් අයිස් කඳු තිබිලා.

ඇන්ටාක්ටිකාව, අයිස්ලන්තය ආදී ප්‍රදේශ වල ග්ලැසියර් දක්නට ලැබෙන අතර ලංකාවට ආසන්නතම අයිස් කඳු පිහිට තිබෙන්නේ හිමාලයේය.

එහෙත් මීට වසර මිලියන ගණනකට පෙර ලංකාවේද ග්ලැසියර් හෙවත් අයිස් කඳු තිබී ඇත. මේ පිළිබඳ පලමු වරට අදහස් පලකරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ මහාචාර්ය කපිල දහනායක මහතාය.

මහාචාර්යවරයාට අනුව ලංකාවේ වයඹ කලාපයේ වෑඋඩ ප්‍රදේශයෙන් වර්ෂ මිලියන විසිපහක් පමණ පැරණි පේලියෝසොයික (paleocence) යුගයට අයත් ග්ලැසියර් සාධක හමුවේ.

ලංකාවේ වූ ග්ලැසියර යුගය පිලිබඳ තවදුරටත් සොයා බැලූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනයනාංශයේ අංශාධිපති ආචාර්ය එච්.ඒ.එච්. ජයසේන හා පුරාවිද්‍යා අධ්‍යනයනාංශයේ සහාය කථිකාචාර්ය ඩිලාන් රණවීර විසින් මෙම පරීක්ෂණය අරඹනු ලැබ තිබිණි. එම තිදෙනා කියන පරිදි ලංකාවේ ග්ලැසියර් තිබු බවට සාධක ගණනාවකි.

ලංකාවේ භූ විද්‍යා ඉතිහාසය පිලිබඳ අවධානය යොමු කිරීමේදී ලංකාවේ භුමිය විවිධ වෙනස්කම් වලට ලක්වී බොහෝ විට ලංකාවේ ගංගා ආශ්‍රිත වෙනස්කම් දකින්නට ලැබෙන්නේ අතීතයේ සිදු වූ යම්කිසි විපර්යසක් නිසාය. සාමාන්‍යයෙන් භූමියක ලක්ෂණ වෙනස් කිරීමේ භූ භෞතික තත්වයන් ගණනක් වේ. ඉන් ගංගා ජලය, ග්ලැසියර් (හිම), ස්කන්ධ හායනය(නාය යෑම්), සුළංඛාදනය, උදම්රළ ආදී පාරිසරික තත්වයන් යන ඒවා ප්‍රධාන වේ.

මෙම සියලු පාරිසරික තත්ත්වයන් ලංකාවටද බලපෑ ඇති බව පවසන පර්යේෂකයන් ලංකාවේ ග්ලැසියර් තිබු බවට සොයාගෙන ඇති භූ භෞතිකමය සාධක රාශියකි. භූවිද්‍යාවේදී ගංගාවක් සතු ක්‍රියාවලීන් හදුනා ගැනීමේදී එය කොටස් තුනකට බෙදනු බවයි. එනම් ගංගාවේ තරුණ අවධිය, පරිනත අවධිය, වෘද්ධ අවධිය යන කොටස් තුනය. ලංකාවේ ඇතැම් ගංගා වලට අයත් විවිධ අවධිවල කොටස් පරීක්ෂා කිරීමේදීද ඉන් ග්ලැසියර් ලක්ෂණ හමුවේ

ඒ අනුව දැදුරුඔය අවසාන ප්‍රදේශය, මහවැලි ගඟේ අවසාන ප්‍රදේශය ආදියෙන් නිම්න ග්ලැසියරයන්හි අවසාදිත කොටස් හමුවේ. ඊට අමතරව හත්පටුන ඔය හරස් කර බැඳී ලේනව වැවෙහිද වැලිනිධි ඇත. ඒ අතරද මෙම නිම්න ග්ලැසියරක අවශේෂ හමුවේ.

මෙම මැටි හා අවසාදිත කබොක් බවට පත්වන බව පවසන පරිදි මෙම අවසාදිත බොහොමයක් විවිධ වෙනස්කම් වලට ලක්ව ඇති අතර, ඊට හේතුව මිනිසාගේම විවිධ ක්‍රියාකාරකම්ය.

වසර මිලියන දෙසිය ගණනකට පෙර හමුවන හිමයුගයේ අවසාදිත ලංකාවේ තවත් ප්‍රදේශ ගණනාවකින්ද හමුවන බව පර්යේෂකයෝ පවසති.

ලංකාවේ මෙම නිම්න ග්ලැසියර් දක්නට ලැබෙන ප්‍රධානම හේතු දෙකක් දැනට හදුනාගෙන ඇත. ඒ අනුව මීට වසර මිලියන ගණනකට ඉහතදී ලංකාව අද පිහිටා ඇති ස්ථානයේ පිහිටා නොතිබීම ඊට හේතුවයි. එනම් අතීතයේ භූ විද්‍යාත්මක සාධක අනුව ලොව සියලු රටවල් එකම ගොඩබිමක්ව පැවතී ඇත.

එය භූ විද්‍යාවේ ‘පැංජියාව’ නමින් හැදින්වේ. පසුව කාලයකදී මෙම එකම ගොඩබිම් කොටස් කිහිපයකට බෙදී විවිධ දිශාවන්ට පාවී ඇත. එය මහද්වීපික තැටි ප්ලාවිතය ලෙස හදුන්වයි.

එම නිසා ලංකාවද මෙලෙස වෙන්වන්නට පෙර එකම ගොඩබිමක පිහිටි අතීතයේ අයත්වුයේ සෞම්‍ය කලාපීය ප්‍රදේශවලටය ඒ අනුව එම මධ්‍ය අක්ෂාංශ ආසන්න වූ ප්‍රදේශයන්හි අයිස් තිබීම නිසා ලංකාවේද මෙම සාධක හමුවීමට එක් හේතුවකි.

අනෙක් හේතුව නම් ලෝකය තුල විවිධ කාලවකවානුතුල සිදුවන දේශගුණික වෙනස්වීම් මීට බලපාන්නට වීමය. ලෝකයේ ඉතිහාසය දෙස බැලීමේදී ලොව අයිස් යුග (ග්ලැසියර් යුග), උණුසුම් යුග සේම අන්තර් ග්ලැසියර් කාලද තිබී ඇත. ඒ අනුව ලංකාවේද අතීතයේ එක්තරා කාලයකදී ග්ලැසියර් යුගයක් පවතින්නට ඇත.

ග්ලැසියර් සොයා ගිය පේරාදෙණිය සරසවියේ පර්යේෂකයන් තිදෙනා පර්යේෂණ කාර්ය සදහා වෑඋඩ ප්‍රදේශයට ගොස් එහි පහත් බිමක මෙම ග්ලැසියර් සාධක සොයාබලා ඇත. ග්ලැසියර් යනු ගමන් කරන අයිස් ය. ඒවා කඳු මුදුන්වල සිට පහලට පැමිණෙන අතරම එසේ පැමිණ පහල ප්‍රදේශයේ තැන්පත් වේ. ඒ අනුව පහල භුමියේ පවතින්නා වූ විල් ආශ්‍රිතව මේවායේ අවසාදිත හදුනාගත හැකිවේ.

ඊට අමතරව ගලගෙදර මැටිබොක්ක ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම ග්ලැසියර්කරණය පිලිබඳ සාධක හදුනාගත් බව ඔවුහු ප්‍රකාශ කළහ. මෙහිදී ස්ථරයානුකූල පාංශු සාම්පල ස්තර තුනක් ඉහලට පහලට පරීක්ෂා කිරීමෙන් මෙහි සංයුතීන් පිලිබඳ අවධානය යොමුකොට ඇත. මෙහි සියලුම තැන්හී මැටි සංයුතිය (Clay Deposit) අධික බව පෙනුන බව සේම ඒවා ද්විතීයික තැන්පතු බවද තහවුරු වී ඇත.

මාවතගම ආසන්නයේ පිහිටි ගලගෙදර කඳු පාමුල වූ නිම්න භූමියට අයත් මෙය මධ්‍ය කඳුකරයේ අඩතැනි මායිම් කලාපයට අයත් මොහොර ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි බොහෝ තැනක ග්ලැසියර් මිදුන ලක්ෂණ පෙන්නුම් කරන අතර එම ස්ථානවල තියුණු උල් සහිත පාංශු ස්තර සේම මතුපිට බොහෝ මෘදුව මැදීගිය බවක්ද පෙන්නුම් කරයි.

මෙයට හේතුව ලෙස පර්යේෂකයන් පෙන්නුම් කරන්නේ ග්ලැසියර් තට්ටු පහලට ගලාගෙන එමෙන් ඊට යටවන පාංශු ස්තරවල සුමුදු මතුපිටක් නිර්මාණය වන්නට වීමයි.

මීට අමතරව වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත බංගදෙනිය ආනමඩුව මාර්ගය ආසන්නයේ පිහිටි වර්තමාන “ගුරුන්තැන්න” පොල් වත්තක් අසල කරන ලද පර්යේෂණ තුලින්ද මෙම ග්ලැසියර් යුගයක අවශේෂ මතුකරන බොරළු තට්ටුවක් හදුනාගෙන ඇත.

මෙහිදී මානවයා සතු මානව සංස්කෘතික සාධක හමුව ඇත. මෙම ආනමඩුව ගුරුන්තැන්න ලංකාවේ නවතම ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙසද හදුන්වාදිය හැකි බව පවසන පර්යේෂකයන් එහි භුමියේ ස්ථරයානුකූලව ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්ද හදුනාගෙන ඇත. එහෙත් මැටිබොක්ක ආශ්‍රිතව මෙම යුගය තුලදී මානවයා සතු කිසියම් සාධකයන් ඇත්දැයි යන්න පිලිබඳ පරීක්ෂා කලද එවන්නක සාධක හමුව නැති අතර එයින් මීටත් වඩා පහල නිම්න භුමි තුල ඒ පිලිබඳ සාධක තිබිය හැකි බවට අදහසක් පවතී.

ලොව බොහෝවිට මෙවන් පහත්බිම් අසලදී මානව ග්ලැසියර් යුගයන්ට සාපේක්ෂව මානව සාධක හමුව ඇත.

හිමාලය කඳුවැටියේ 1921 දී තිබූ ග්ලැසියර් දියවී 2009 වනවිට තිබෙනුයේ පහත පරිදිය.

උපුටා ගැනීමකි

Posted in Blog | Leave a comment

මොකක්ද මේ දුන්හිද

මෙය පිහිටා තිබෙන්නේ බදුල්ල නගරයේ සිට කිලොමීටර 5 ප්‍රමානයක් මහියන්ගනය පෑත්තට වන්නයි මෙම දියඇල්ල නිර්මානයට පාදක වන්නේ බදුලු ඔයයි.දෑනට ගනන් බලා ඇති අන්දමට මෙම දියඇල්ල අඩි 210 එනම් මීටර 64 ආසන්න ප්‍රමානයක් උසින් යුක්ත වෙනවා.
අප එහි සංචාරය කරන විට එහි වෙසෙන ගම් වාසියෙක් අප සමග පෑවසුවේ එහි දුම් දමන ආකාරයට එය ඇදවෑටෙන නිසා එයට දුන්හිද ලෙස නම ලෑබුනු වගයි.ඇත්තටම මෙම දුම එහි ඇතිවන්නාවූ මිදුම් සහිත පටලයයි.

එමෙන්ම ඔබ මෙය නරබන්න යනවානම් ඔබට 1 කිලොමීටරයක් පමන ඔබ සංචාරය කල විට ඔබට කුඩා දුන්හිද ලෙස හදුන්වන දියඇල්ල දෑක ගත හෑක.නමුත් අද දවස වන විට මෙය රොන් මඩින් වෑසී යාමේ අවදානමකට ලක් වී ඇති බව අප සමග සංචාරයට එකතු වුනු පරිසර වේදියෙක් පෑවසීම කුඩා දුන්හිදට එතරම් සුබ දායක පෙරනිමිත්තක් නොවන බව අපගේ හෑගීමයි.

බදුලු ඔයට විශාල ජල ධාරිතාවයක් එකතු වෙන කාලයන්ගේ මෙහි ප්‍රබලත්වය එය නරබන්න පෑමිනෙන ඔබට ඉතාමත් හොදින් දෑක ගත හෑක.

මීට වසර ගනනකට පෙර මෙම දුන්හිදේ ජලය ඉතාමත් ඖෂදීය ගුනයෙන් යුක්ත උනු අතරම අද වන විට එය ඉතාමත් අපිරිසිදු තත්වයට පත්ව ඇති බව අප අත්දෑකීමෙන් යුක්තව ප්‍රකශ කරන්නේ ඉතාමත් කනගාටුදායකවය.

මෙහි දිනකට එකතු වෙන මිනිසුන් ඉවත ලන කසල මගින් හානියකට ලක් වන්නේ මෙම දුන්හිදයි.විවිද ආයතන මගින් ඉදිරිපත් කර තිබෙන කසල බදුන්වලට කසල නොදමා අවට දෑමීමට තරම් හිතක් ඔබට පහලවන්නේ ඇයි?

විදෙස් සංචාරකයන් මෙහි පෑමින එය දෑක ඉතාමත් කනගාටුදායක වන විට,ඔවුන් පාවිච්චි කරපු නොදිරන ඉටි කොල වෑනි ද්‍රව්‍ය ඔවුන්ගේ ගමන් මලු තුලටම නෑවත දමාගෙනම රෑගෙන යන්න තරම් හිතක් පහල වන විට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප බොහො ලෙස ලෑජ්ජා විය යුතු නොවේද?

මසකට මෙහි කසල ටොන් එකක් පමන එකතු වෙන බවත් දුන්හිද කොමලිය ජලයෙන් පිරී ගිය විට පෑමිනෙන හිතවතුන් මෙයට කසල ටොන් 2 පමන එකතු කරන බව බදුල්ල නගර සබාව අප සමග පවසා සිටියෙමු.

සිංහලයා ආගන්තුක සත්කාරයේ හිනිපෙත්තම සිටිනාබව පෑවසුවේ රොබට් නොක්ස් මහතා,නමුත් අද වන විට අපි දුන්හිදට දක්වන සත්කාරය සම්බන්දයෙන් අපගේ ආගන්තුක සත්කාරය බලවත් හෑල්ලුවකට ලක් වී ඇත.

තවත් කාලයක් දුන්හිද කොමලියගේ ලස්සන බලන්න ඔබ කෑමතිනම් එය නරබා පමනක් යන්න,ඔබ එයට එකතු කරන නොදිරන ද්‍රව්‍ය මගින් සිදුවන්නේ එහි පවතින වටිනා ජීවී ප්‍රබේදයන් මෙන්ම,ශාක විශේශයන් අපගෙන් සමුගෙන යෑමයි.

මානවයා නෑමෑති ලොව බුද්දිමත් සත්වයා අනික් සතුන්ට මෙන්ම ජීවීන්ට කරන මේ සත්කාරය කෙතරම් දුරට සාදාරනද.?

පරිසරයට ආදරය කරන්න එවිට පරිසරයද ඔබට පෙරලා ආදරය කරනු ඇත

Posted in Blog | Leave a comment

දිනෙන් දින ඉහල යන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බාවිතය

ලංකාව දූපතක්…එය ඉන්දියන් සාගරයේ නිල් මෑනික නෑතිනම් මුතු ඇටය කියලා කියපු ලස්සන දූපතක් මීට වසර දහස් ගනනකට කලින්

නමුත් අද?

ලොකයේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව‍ය වල මුතු ඇටය..මෙහෙම උනේ සහ වෙන්නේ ඇයි?ලංකාවට විවෘත ආර්ථික රටාව පෑමිනීමත් සමගම බොහො දේවල් ලංකාවට ගලා ආවා.ඒ පෑමිනීමත් සමගම මිනිසුන් තමන්ගේ එදිනෙදා වෑඩ කටයුතු පහසු කිරීම සදහා විවිද නිර්මානයන් වලට පෙලබුනා.

අද වන විට ඒ ලබාගත් නිර්මානයන් බෑටරි කෑබෑල්ලේ සිට අපද්‍රව්‍ය බවට පත් වී පවතිනවා.එම අපද්‍රව‍ය කිසිසේතම නොදිරන අපද්‍රව‍යන් පොලිවනයිල් ක්ලොරයිඩ්,බේක්ලයිට් වෑනි බහු රසායනික සංයොගයන් වලින් යුක්තයි.

සමහරු මෙය දනය කර විනාශ කරන්න පෙලබී තිබෙනවා.උදාහරනයක් විදිහට පොලිතීන් මෙලෙස දහනය සදහා මිනිසුන් යොමු වී තීබීම මගින් ඉන් නිකුත් වන වායු ධාරවන් ගුවනට යොමු වීමෙන් සිදුවන අහිතකර බලපෑම ගෑන මොහොතකටවත් සිතුවාද?

මූලිකවම මෙමගින් කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් කියන වායු දාරවන් නිකුත් වනවා.මෙම කාබන් මොනොක්සයිඩ් යනු උග්‍ර විෂ වායුවකි..මෙය ඔබ ආග්‍රාහනය කලහොත් ඔබගේ ජීවීතය පවා අහිමිවී යා හෑකිය.

කාබන්ඩයොක්සයිඩ් කරනු ලබන විපත අති විශාලයි.එය අම්ල වෑසි නිශ්පාදකයක් වන අතරම,මෙය යම්තාක් ප්‍රමානයක් වනාන්තර මගින් ප්‍රබාසංස්ලේශන ක්‍රියාවලියට ලබා ගත්තත්..මිනිසා විසින් සිදු කරන වනාන්තර විනාශය නිසා වායුගොලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රත්ශතය ඉතාමත් ඉහල මට්ටමකට පෑවතීමෙන් එය ඔසොන් ස්තරයටද බලපෑමක් එල්ල කරන අතරම මිනිසා සහ ජීවින්ගේ හෙට දවසට මරු පහරක් වීය හෑක.

එමෙන්ම මෙම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය පසට එකතු කිරීමෙන් විශේශයෙන් බෑටරි කෑබලි වෑනි ද්‍රව්‍ය වලින් නිකුත් වන රසායනික සංයොග නිසා පස නිසරු වීමට පෙලබීමෙන් පස තුල සිටින ජීවීන්ට මෙන්ම වනාන්තරයන්ටද දෑඩි හෑනියක් පෑමිනිය හෑක

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මූලිකවම නොදිරන නිසාත් එය ප්‍රතිචක්‍රීකරන ක්‍රියාවලියකට යොමු කිරීම තුලිනුත්,දහනය සදහා මෙන්ම එය පොලොවේ පසට එකතු නොකිරීමෙනුත්,හෑකිතාක් වනාන්තර විනාශය අවම කර විකල්ප ද්‍රව්‍ය වලට පෙලබුනොහොත් පමනක් මෙම ගෑටලුවට පිලියමක් අපිට ඉදිරිපත් කල හෑක.

පරිසරයේ හෙට දවස උදෙසා දිවා රාත්‍රි සත්ක්‍රියාවේ යෙදෙන පිරිසක් අද වන විට බිහිවී තියෙනවා.ඔවුන් මිහිතල මිතුරන් නමින් ගොඩනගාගත් පරිසර කවයට දෑන් පරිසරයට හිතෑති ඔබටද ඔවුන්ට සහයක් වෙන්න පුලුවන්.

Posted in Blog | Leave a comment