ලංකාවේත් අයිස් කඳු තිබිලා.

ඇන්ටාක්ටිකාව, අයිස්ලන්තය ආදී ප්‍රදේශ වල ග්ලැසියර් දක්නට ලැබෙන අතර ලංකාවට ආසන්නතම අයිස් කඳු පිහිට තිබෙන්නේ හිමාලයේය.

එහෙත් මීට වසර මිලියන ගණනකට පෙර ලංකාවේද ග්ලැසියර් හෙවත් අයිස් කඳු තිබී ඇත. මේ පිළිබඳ පලමු වරට අදහස් පලකරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ මහාචාර්ය කපිල දහනායක මහතාය.

මහාචාර්යවරයාට අනුව ලංකාවේ වයඹ කලාපයේ වෑඋඩ ප්‍රදේශයෙන් වර්ෂ මිලියන විසිපහක් පමණ පැරණි පේලියෝසොයික (paleocence) යුගයට අයත් ග්ලැසියර් සාධක හමුවේ.

ලංකාවේ වූ ග්ලැසියර යුගය පිලිබඳ තවදුරටත් සොයා බැලූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනයනාංශයේ අංශාධිපති ආචාර්ය එච්.ඒ.එච්. ජයසේන හා පුරාවිද්‍යා අධ්‍යනයනාංශයේ සහාය කථිකාචාර්ය ඩිලාන් රණවීර විසින් මෙම පරීක්ෂණය අරඹනු ලැබ තිබිණි. එම තිදෙනා කියන පරිදි ලංකාවේ ග්ලැසියර් තිබු බවට සාධක ගණනාවකි.

ලංකාවේ භූ විද්‍යා ඉතිහාසය පිලිබඳ අවධානය යොමු කිරීමේදී ලංකාවේ භුමිය විවිධ වෙනස්කම් වලට ලක්වී බොහෝ විට ලංකාවේ ගංගා ආශ්‍රිත වෙනස්කම් දකින්නට ලැබෙන්නේ අතීතයේ සිදු වූ යම්කිසි විපර්යසක් නිසාය. සාමාන්‍යයෙන් භූමියක ලක්ෂණ වෙනස් කිරීමේ භූ භෞතික තත්වයන් ගණනක් වේ. ඉන් ගංගා ජලය, ග්ලැසියර් (හිම), ස්කන්ධ හායනය(නාය යෑම්), සුළංඛාදනය, උදම්රළ ආදී පාරිසරික තත්වයන් යන ඒවා ප්‍රධාන වේ.

මෙම සියලු පාරිසරික තත්ත්වයන් ලංකාවටද බලපෑ ඇති බව පවසන පර්යේෂකයන් ලංකාවේ ග්ලැසියර් තිබු බවට සොයාගෙන ඇති භූ භෞතිකමය සාධක රාශියකි. භූවිද්‍යාවේදී ගංගාවක් සතු ක්‍රියාවලීන් හදුනා ගැනීමේදී එය කොටස් තුනකට බෙදනු බවයි. එනම් ගංගාවේ තරුණ අවධිය, පරිනත අවධිය, වෘද්ධ අවධිය යන කොටස් තුනය. ලංකාවේ ඇතැම් ගංගා වලට අයත් විවිධ අවධිවල කොටස් පරීක්ෂා කිරීමේදීද ඉන් ග්ලැසියර් ලක්ෂණ හමුවේ

ඒ අනුව දැදුරුඔය අවසාන ප්‍රදේශය, මහවැලි ගඟේ අවසාන ප්‍රදේශය ආදියෙන් නිම්න ග්ලැසියරයන්හි අවසාදිත කොටස් හමුවේ. ඊට අමතරව හත්පටුන ඔය හරස් කර බැඳී ලේනව වැවෙහිද වැලිනිධි ඇත. ඒ අතරද මෙම නිම්න ග්ලැසියරක අවශේෂ හමුවේ.

මෙම මැටි හා අවසාදිත කබොක් බවට පත්වන බව පවසන පරිදි මෙම අවසාදිත බොහොමයක් විවිධ වෙනස්කම් වලට ලක්ව ඇති අතර, ඊට හේතුව මිනිසාගේම විවිධ ක්‍රියාකාරකම්ය.

වසර මිලියන දෙසිය ගණනකට පෙර හමුවන හිමයුගයේ අවසාදිත ලංකාවේ තවත් ප්‍රදේශ ගණනාවකින්ද හමුවන බව පර්යේෂකයෝ පවසති.

ලංකාවේ මෙම නිම්න ග්ලැසියර් දක්නට ලැබෙන ප්‍රධානම හේතු දෙකක් දැනට හදුනාගෙන ඇත. ඒ අනුව මීට වසර මිලියන ගණනකට ඉහතදී ලංකාව අද පිහිටා ඇති ස්ථානයේ පිහිටා නොතිබීම ඊට හේතුවයි. එනම් අතීතයේ භූ විද්‍යාත්මක සාධක අනුව ලොව සියලු රටවල් එකම ගොඩබිමක්ව පැවතී ඇත.

එය භූ විද්‍යාවේ ‘පැංජියාව’ නමින් හැදින්වේ. පසුව කාලයකදී මෙම එකම ගොඩබිම් කොටස් කිහිපයකට බෙදී විවිධ දිශාවන්ට පාවී ඇත. එය මහද්වීපික තැටි ප්ලාවිතය ලෙස හදුන්වයි.

එම නිසා ලංකාවද මෙලෙස වෙන්වන්නට පෙර එකම ගොඩබිමක පිහිටි අතීතයේ අයත්වුයේ සෞම්‍ය කලාපීය ප්‍රදේශවලටය ඒ අනුව එම මධ්‍ය අක්ෂාංශ ආසන්න වූ ප්‍රදේශයන්හි අයිස් තිබීම නිසා ලංකාවේද මෙම සාධක හමුවීමට එක් හේතුවකි.

අනෙක් හේතුව නම් ලෝකය තුල විවිධ කාලවකවානුතුල සිදුවන දේශගුණික වෙනස්වීම් මීට බලපාන්නට වීමය. ලෝකයේ ඉතිහාසය දෙස බැලීමේදී ලොව අයිස් යුග (ග්ලැසියර් යුග), උණුසුම් යුග සේම අන්තර් ග්ලැසියර් කාලද තිබී ඇත. ඒ අනුව ලංකාවේද අතීතයේ එක්තරා කාලයකදී ග්ලැසියර් යුගයක් පවතින්නට ඇත.

ග්ලැසියර් සොයා ගිය පේරාදෙණිය සරසවියේ පර්යේෂකයන් තිදෙනා පර්යේෂණ කාර්ය සදහා වෑඋඩ ප්‍රදේශයට ගොස් එහි පහත් බිමක මෙම ග්ලැසියර් සාධක සොයාබලා ඇත. ග්ලැසියර් යනු ගමන් කරන අයිස් ය. ඒවා කඳු මුදුන්වල සිට පහලට පැමිණෙන අතරම එසේ පැමිණ පහල ප්‍රදේශයේ තැන්පත් වේ. ඒ අනුව පහල භුමියේ පවතින්නා වූ විල් ආශ්‍රිතව මේවායේ අවසාදිත හදුනාගත හැකිවේ.

ඊට අමතරව ගලගෙදර මැටිබොක්ක ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම ග්ලැසියර්කරණය පිලිබඳ සාධක හදුනාගත් බව ඔවුහු ප්‍රකාශ කළහ. මෙහිදී ස්ථරයානුකූල පාංශු සාම්පල ස්තර තුනක් ඉහලට පහලට පරීක්ෂා කිරීමෙන් මෙහි සංයුතීන් පිලිබඳ අවධානය යොමුකොට ඇත. මෙහි සියලුම තැන්හී මැටි සංයුතිය (Clay Deposit) අධික බව පෙනුන බව සේම ඒවා ද්විතීයික තැන්පතු බවද තහවුරු වී ඇත.

මාවතගම ආසන්නයේ පිහිටි ගලගෙදර කඳු පාමුල වූ නිම්න භූමියට අයත් මෙය මධ්‍ය කඳුකරයේ අඩතැනි මායිම් කලාපයට අයත් මොහොර ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි බොහෝ තැනක ග්ලැසියර් මිදුන ලක්ෂණ පෙන්නුම් කරන අතර එම ස්ථානවල තියුණු උල් සහිත පාංශු ස්තර සේම මතුපිට බොහෝ මෘදුව මැදීගිය බවක්ද පෙන්නුම් කරයි.

මෙයට හේතුව ලෙස පර්යේෂකයන් පෙන්නුම් කරන්නේ ග්ලැසියර් තට්ටු පහලට ගලාගෙන එමෙන් ඊට යටවන පාංශු ස්තරවල සුමුදු මතුපිටක් නිර්මාණය වන්නට වීමයි.

මීට අමතරව වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත බංගදෙනිය ආනමඩුව මාර්ගය ආසන්නයේ පිහිටි වර්තමාන “ගුරුන්තැන්න” පොල් වත්තක් අසල කරන ලද පර්යේෂණ තුලින්ද මෙම ග්ලැසියර් යුගයක අවශේෂ මතුකරන බොරළු තට්ටුවක් හදුනාගෙන ඇත.

මෙහිදී මානවයා සතු මානව සංස්කෘතික සාධක හමුව ඇත. මෙම ආනමඩුව ගුරුන්තැන්න ලංකාවේ නවතම ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙසද හදුන්වාදිය හැකි බව පවසන පර්යේෂකයන් එහි භුමියේ ස්ථරයානුකූලව ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්ද හදුනාගෙන ඇත. එහෙත් මැටිබොක්ක ආශ්‍රිතව මෙම යුගය තුලදී මානවයා සතු කිසියම් සාධකයන් ඇත්දැයි යන්න පිලිබඳ පරීක්ෂා කලද එවන්නක සාධක හමුව නැති අතර එයින් මීටත් වඩා පහල නිම්න භුමි තුල ඒ පිලිබඳ සාධක තිබිය හැකි බවට අදහසක් පවතී.

ලොව බොහෝවිට මෙවන් පහත්බිම් අසලදී මානව ග්ලැසියර් යුගයන්ට සාපේක්ෂව මානව සාධක හමුව ඇත.

හිමාලය කඳුවැටියේ 1921 දී තිබූ ග්ලැසියර් දියවී 2009 වනවිට තිබෙනුයේ පහත පරිදිය.

උපුටා ගැනීමකි

This entry was posted in Blog. Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>